Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසිෆ් අලී කණ්ඩායමට එක්වෙයි

අසිෆ් අලී කණ්ඩායමට එක්වෙයි

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියණිය මියයෑම හේතුවෙත් තවමත් ශෝකයෙන් පසුවන පාකිස්තාන ක්‍රීඩක අසීෆ් අලී ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින සිය කණ්ඩායම සමගින් එක්වීම සඳහා ඊයේ (25 වැනිදා) එංගලන්තය බලා පිටත්ව ගියේය.

අසීෆ් අලී එංගලන්තය සමගින් පැවැති එක්දින තරගාවලියට සහභාගිවී සිටියද මාස 19 ක් වයසැති සිය දියණිය ඇමෙරිකාවේ රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් තරගාවලිය අතහැර ආපසු පාකිස්තානයට පැමිණියේය. එහෙත් පසුව ඇය මියගියාය. පසුගිය බ්‍රහස්පතින්දා ෆයිසලාබාද් පංජාබ් පළාතේදී ඇයගේ දේහය මිහිදන් කරන ලදි.

“ඇයව රණශූරියක ලෙස මතක තබාගැනීමට මට අවශ්‍යයැයි” 27 හැවිරිදි අසීෆ් ඔහුගේ ටිවිටර් ගිණුමේ සටහන් කර ඇත. “ඇය මගේ ශක්තිය සහ ආවේශයයි. ඇගේ සුවඳ හැමදාටම මගේ මතකයේ රැදේවී.” යයි අසිෆ් සටහන් කර තිබිණ.

මැදපෙළ පිතිකරුවකු වන අසීෆ් අලී ලෝක කුසලාන තරගාවලියට නම්කරන ලද පාකිස්තාන මූලික සංචිතයට ඇතුළත්ව නොසිටියද එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී අර්ධ ශතක 2 ක් ලබාගැනීම හේතුවෙන් අවසන් සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

අද (26 වැනිදා) බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයට අසීෆ් සහභාගිවීමට නියමිතව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට සහභාගිවීමට පාකිස්තාන කණ්ඩායම සූදානමින් පසුවන්නේය.

...


අදහස් (0)

අසිෆ් අලී කණ්ඩායමට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.