Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අෂ්විතා ද්විත්ව ශූරතා දිනයි

අෂ්විතා ද්විත්ව ශූරතා දිනයි

ශනුක අරවින්ද - 2017 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී. ජී. ආර්. එස්. කාර්ටින් මෝටර් රථ ශූරතාවලියේ පළමු අදියරේදී ද්විත්ව ජයග්‍රහණයක් අත්කර ගැනීමට අෂ්විතා වික්‍රම සමත් වූවාය. කාන්තා විවෘත කාණ්ඩයේ ශූරතාව දිනාගත් අෂ්විතා, ඉන් නොනැවතී ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාවද දිනාගනිමින් එම ද්විත්ව ජයග්‍රහණයට හිමිකම් කීවාය.

මේරීස් නවරත්න දෙවැනි ස්ථානයටත්, සහන්දී මීගම තෙවැනි ස්ථානයටත් ඇද දමමින් කාන්තා විවෘත කාණ්ඩයේ ශූරතාව දිනාගත් අෂ්විතා වික්‍රම, ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේ සයුරික ලිවිඳු (දෙවැනියා) සහ විනුෂ සංජුල (තෙවැනියා) පරාජය කරමිනි.

බණ්ඩාරගම ගෝ කාර්ට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය ඉකුත්දා බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේදී පැවැත්විණ. එහිදී ආධුනික තරගකරුවන් සඳහා ‘ඒ’, ‘බී’ සහ ‘ඩී’ යන කාණ්ඩ යටතේද, ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා ‘ඩී’, ‘ඊ’ සහ ‘එෆ්’ යන කාණ්ඩ යටතේද තරග පැවැත්විණ.

ආධුනික ‘ඒ’ කාණ්ඩයේ ජය තමන් සතුකර ගැනීමට අනිෂ් රයන් රණසිංහ සමත් වෙද්දී එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අවිෂ්ක ප්‍රේමදාසට සහ ලිනාල් ගුණතිලකට හිමිවිය.  

තියුණු තරගයකින් අනතුරුව ආධුනික ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට හරේන්ද්‍ර කරුණාරත්න සමත් වූයේ ලවන් කොදාගොඩ සහ අසංක රත්නප්‍රිය පසුපසට ඇද දමමිනි. ආධුනික ‘සී’ කාණ්ඩයේ ජය චරිත් ද අල්විස් සතු වෙද්දී ලලිත් කුලතුංග සහ කනිෂ්ක රඹුක්වැල්ල පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත් වූහ.

ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩය ජය ගන්නා ලද්දේ ශ්‍යාමාල් මෙන්ඩිස් විසිනි. එහි දෙවැනි ස්ථානය ඇන්ජලෝ සේනාරත්නටත්, තෙවැනි ස්ථානය අනුරාධ ගුණසේකරටත් හිමි විය. ජ්‍යෙෂ්ඨ ‘එෆ්’ කාණ්ඩයේ ජයග්‍රහණය සියතට ගැනීමට රංජන දිසානායක සමත් වූ අතර භාග්‍ය සේනාරත්න සහ රයන් ඩි’බෘයින් එහි දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

තරග ප්‍රතිඵල

ආධුනික ‘ඒ’ කාණ්ඩය
1 රයන් රණසිංහ
2 අවිෂ්ක ප්‍රේමදාස
3 ලිනාල් ගුණතිලක

ආධුනික ‘බී’ කාණ්ඩය
1 හරේන්ද්‍ර කරුණාරත්න
2 ලවන් කෝදාගොඩ
3 අසංක රත්නප්‍රිය

ආධුනික ‘සී’ කාණ්ඩය
1 චරිත් ද අල්විස්
2 ලසිත් කුලතුංග
3 කනිෂ්ක රඹුක්වැල්ල

ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩය
1 අෂ්විතා වික්‍රම
2 සයුරික ලිවිඳු
3 විනුෂ සංජුල

ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩය
1 ශ්‍යාමාල් මෙන්ඩිස්
2 ඇන්ජලෝ සෙනෙවිරත්න
3 අනුරාධ ගුණසේකර

ජ්‍යෙෂ්ඨ ‘එෆ්’ කාණ්ඩය
1 රංජන දිසානායක
2 භාග්‍ය සේනාරත්න
3 රයන් ඩි’බෘයින්

කාන්තා විවෘත කාණ්ඩය
1. අෂ්විතා වික්‍රම
2. මේරීස් නවරත්න
3. සහන්දී මීගම


අදහස් (0)

අෂ්විතා ද්විත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.