Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් පූර්ව තරග 26 වැනිදා

අවසන් පූර්ව තරග 26 වැනිදා

දමින්ද විජේසූරිය - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වෛරසයේ දෙවැනි වටයේ ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 26 වැනිදා පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැති හෙයින් තරගාවලිය හැකි ඉක්මනින් අවසන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවයි.

23 න් පහළ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එස්. එස්. සී. සහ බදුරලිය කණ්ඩායම් අතර එන්. සී. සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි. දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර තරගය බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය 28 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කණ්ඩායම් 26 ක් සහභාගි වූ මෙවර තරගාවලිය කාණ්ඩ 4 කින් පැවැත්විණ. එක් එක් කාණ්ඩයේ ශූරතා දිනාගත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

 


අදහස් (0)

අවසන් පූර්ව තරග 26 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.