Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරගය දින 8 ක් ඈතට

අවසන් තරගය දින 8 ක් ඈතට

editorial - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය දින 8 කින් කල්දැමීමට සිදුව ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. 2021 අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ තරග කිහිපය සමග සමපාත නොවීම සඳහා ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය කල්දැමීමට සිදුව ඇතැයි කියැවේ.

මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වීමට නියමිතය. මෙවර අයි.පී.එල්. තරගාවලියට කණ්ඩායම් 10 ක් ඇතුළත් වීමට නියමිත හෙයින් තරගාවලිය වඩාත් දීර්ඝ වීමට ඉඩ තිබෙන බවත් එබැවින් මාස දෙකක් ඇතුළතදී සම්පූර්ණ තරගාවලිය අවසන් කරගත නොහැකි විය හැකි බවත් වාර්තාවේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ජූනි මස මැද භාගයේදී ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ජූනි 10 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අවසන් මහ තරගය 18 වැනිදා දක්වා කල්දමා ඇත්තේ අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව නිරෝධායන නීති රීති සම්බන්ධයෙන්ද අවශ්‍ය කාලය පිළිබඳ සැලකිල්ල යොමු කරමිනි. ජූනි 23 වැනිදා අතිරේක දිනයක් ලෙසින් සූදානමින් තබා තිබේ.

කෙසේ වෙතත් අයි.පී.එල්. තරගාවලියේ තරග කාලසටහන තවමත් ප්‍රකාශයට පත්කර නැත.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට මේ  වන විට ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටිති. එහෙත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයද අවසන් තරගයට පිවිසීමේ අවස්ථාවක් සොයමින් පසුවෙයි.

- 213

 


අදහස් (0)

අවසන් තරගය දින 8 ක් ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.