Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිශ්ක පහළට තල්ලු කරයි

අවිශ්ක පහළට තල්ලු කරයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඉවත් කර රෝයි ඩයස් මහතා එම තනතුරට පත්කිරීමට ක්‍රිකට් විධායක කමිටුව පෙරේදා (30) තීරණය කර තිබේ.

 අවිෂ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කරමින් තනතුරෙන් පහළට දමා තිබේ. අවිෂ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර ඒ මහතා ඉවත්කිරීම පිළිබඳව ක්‍රිකට් ප්‍රවීණයෝ විමතිය පළකරති.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා ද, ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සාමාජිකයක හේමන්ත වික්‍රමරත්න මහතා ද, පත්කිරීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

චමින්ද සහ හේමන්ත යන මහත්වරු එම කණ්ඩායම්වල තේරීම් කමිටු නිලධාරින් ලෙස ද කටයුතු කරති. තරග සංචාරවලදී කළමණාකරුට අමතරව තේරීම් කමිටු නිලධාරියකු සහභාගි කරවීමට පිළියමක් ලෙස තේරීම් කමිටු සාමාජිකයන් කළමණාකරුවන් ලෙස පත්කර තිබේ.

රෝයි ඩයස් මහතා


අදහස් (0)

අවිශ්ක පහළට තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.