Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අලුත් දැල්පන්දු සංගම් දෙකක්

අලුත් දැල්පන්දු සංගම් දෙකක්

නාමල් පතිරගේ - 2020 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පැවැති කවුන්සිල් රැස්වීමේදී අභිනවයෙන් පිහිටුවූ දැල්පන්දු සංගම් දෙකක් සඳහා අනුමැතිය හිමිවිය. ඒ අනුව ප්‍රවීණයන්ගේ දැල්පන්දු සංගමයේ අභිනව සභාපතිනිය ලෙස ඔලිවියා ගමගේ මහත්මියත්, වෙරළ දැල්පන්දු සංගමයේ අභිනව සභාපතිනිය ලෙස යමුනා සඳමාලි මහත්මියත් නිතරගයෙන් පත්වූහ.

ප්‍රවීණයන්ගේ දැල්පන්දු සංගමයේ මුල් පුටුවට පත් ඔලිවියා ගමගේ මහත්මිය මෙරට දැල්පන්දු ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවීණියක් වන අතර, මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරයත් උසුලයි. ඇය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ක්‍රිඩා අධ්‍යක්ෂවරියයි.

නව වෙරළ දැල්පන්දු සංගමයේ සභාපතිනිය වන්නේ දැල්පන්දු සම්මේලනයේ හිටපු උප සභාපතිවරියක් වන යමුනා සඳමාලි මහත්මියයි. ඇය ප්‍රවීණතම  දැල්පන්දු පුහුණුකාරිනියක් ලෙස ජාතික සහයක පුහුණුකාරිනියක් ලෙසත් කටයුතු කර තිබේ. ඇය වෘත්තියෙන් කොළඹ මහ නගර සභාවේ ක්‍රිඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

නිරීක්ෂණ කාලය පසුකිරීමෙන් පසුව මෙම නව සංගම් දෙක සඳහාම දැල්පන්දු සංගමයේ නිලවරණයේදී ඡන්ද බලය හිමි වනු ඇත.


නව දැල්පන්දු සංගම් දෙකේ නිලධාරි මණ්ඩල
ප්‍රවීණයන්ගේ දැල්පන්දු සංගමය: සභාපතිනි - ඔලිවියා ගමගේ මහත්මිය, ලේකම්: රියෝ රම්ලාන් මහත්මිය, භාණ්ඩාගාරික: මුතුලක්ෂ්මී හෑගොඩ මහත්මිය, උප සභාපතිවරු: සකුන්තලා විජේතුංග හා සන්ධ්‍යා රාජපක්ෂ මහත්මීන්
වෙරළ දැල්පන්දු සංගමය: සභාපතිනි - යමුනා සඳමාලි මහත්මිය, ලේකම්: චම්පා අල්විස්, භාණ්ඩාගාරික: හිමාලි එදිරිවීර, උප සභාපතිවරු: ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ හා දර්ශනී කොඩිකාර යන මහත්මීන්.


අදහස් (0)

අලුත් දැල්පන්දු සංගම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.