Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. තරගාවලියටත් කොවිඩ් රිංගයි

අයි.පී.එල්. තරගාවලියටත් කොවිඩ් රිංගයි

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මාසයක පමණ කාලයක් තිස්සේ නිරුපද්‍රිතව පවත්වාගෙන ආ අයි.පී.එල්. තරගාවලියටත් කොවිඩ්-19 වයිරසයෙන් බලපෑම් එල්ල වී තිබේ. කොවිඩ්-19 වයිරසය සම්බන්ධයේ බියට පත්ව සිටින කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනාම හුදෙකළා වීම හේතුවෙන් කොල්කටා පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර අද (3 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. 


මෙම තරගය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. 


“අද දිනයේ තරගය පැවත්වෙන්නේ නෑ කියලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් මෙන්ම ක්‍රීඩාංගණය බාර නිලධාරියාගෙනුත් මට පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒත් මේ තරගය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවත් ඔවුන් මට දන්වා එවා තිබෙනවා” යයි ගුජරාට් ක්‍රිකට් සංගමයේ ලේකම් අනිල් පතෙල් මහතා පවසා තිබේ. 

කොල්කටා පිලේ දඟ පන්දු යවන්නකු වන වරුන් චක්‍රවර්ති සහ වේග පන්දු යවන්නකු වන සන්දීප් වොරියර් දෙදෙනා කොවිඩ්-19 වයිරසයට ගොදුරු වී ඇතැයි වාර්තා වේ. මෙම හේතුව නිසා කොල්කටා සංචිතයේ සියලුම ක්‍රීඩකයෝ හුදෙකළා වී සිටිති. ඔවුන්ගේ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා එන තුරු ඔව්හු බලා සිටින අතර ඔවුන් දෙදෙනාගේ සමීපතමයන් කවුරුන්ද යන්න වෛද්‍ය කණ්ඩායම් විමසමින් සිටිති. 

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරන්නේ එය ක්‍රීඩකයන් විසින් ජෛව බුබුළ බිඳ දමනු දැමීමක් නිසා සිදුවූවක් නොවන බවයි. දැනට වාර්තා වන පරිදි, විදේශීය ක්‍රීඩකයන් කිසිවකුට කොරෝනා ආසාදනය වී නැත. 

අයි.පී.එල්. තරගාවලිය සඳහා නිකුත් කරනු ලැබ ඇති සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය අනුව, ආසාදිතයකුගේ පළමු ආශ්‍රීතයන්ට නැවත කණ්ඩායමට එක්විය හැක්කේ දින 1කට, 3කට සහ 6කට පසුව ඉදිරපත් කරනු ලබන පරීක්‍ෂණ වාර්තා සෘණාත්මක වුවහොත් පමණි. 

චෙන්නායි සහ මුම්බායි හි තරග සාර්ථකව අවසන් කරගැනීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලිය මේ වන විට අහමදාබාද් සහ දිල්ලි නුවර ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙයි. 

 


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියටත් කොවිඩ් රිංගයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.