Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයැදුම්පත්‍ භාරගැනීම දීර්ඝ කරයි

අයැදුම්පත්‍ භාරගැනීම දීර්ඝ කරයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ අයැදුම්පත්‍ර භාරගැනීම මෙම 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන්නේ ඒ සමග ඔවුන් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නගන බවයි.

ඒ සඳහා ක්‍රීඩා අමත්‍යංශයේ  අනුමැතිය ලැබී තිබෙන අතර ඉදිරියේදී පිළිගත් මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නකුට පුහුණු බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා පනතට රෙගුලාසි ඇතුළත් කිරීමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ. මලල ක්‍රීඩා සංගමය අවධාරණය කරන්නේ විධිමත් අධ්‍යාපනයක් හා පුහුණුවක් හදාරා නොමැති විශාල පිරිසක් මේ වනවිට පාසල් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම  ක්ෂේත්‍රයට අගතියක් වී තිබෙන බවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මුල් වතාවට වසර 2006 දී මෙරට මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී තිබුණත් එය යාවත්කාලීන නොකිරීමෙන් පසුව එය අභාවයට ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන අභාවප්‍රාප්ත ඩර්වින් පෙරේරා මහතා එවකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපතිධූරවල එකවර කටයුතු කරමින් එම කටයුත්තට මුල පිරූ බව වත්මන් ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පවසයි.

කාණ්ඩ පහක් යටතේ මෙරට මලල ක්‍රීඩා පුහුණුකරුවන් වර්ග කෙරෙන අතර පස්වැනි (අවසන්) කාණ්ඩයට මෙරට සිටින ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළත් කෙරේ.

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට බලපත්‍ර ලබාදීම හා වර්ගීකරණය යටතේ විශේෂයෙන්ම ආධුනිකයන් ඉලක්ක කරමින් ඉදිරියේදී පුහුණු පාඨමාලා කීපයක්ද සංවිධානය කෙරෙන බව ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පැවසීය. ඒ අනුව මලල ක්‍රීඩා පුහුණුකරුවන් වසර 2021 සඳහා බලපත් ලබාගැනීම සඳහා සිය ඉල්ලුම්පත්‍ර කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයට මෙම 15 වැනිදාට පෙර යොමු කළ යුතුය.

එදින දක්වා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ඉදිරියේදී මෙහෙයවන ජාත්‍යන්තර පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා වන මෙරට පුහුණුකරුවන්ගේ දත්ත රැස් කිරීමද සිදු කෙරේ.


අදහස් (0)

අයැදුම්පත්‍ භාරගැනීම දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.