Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අමාත්‍යංශ නිලධාරීන් 32ක් නේපාලයට

අමාත්‍යංශ නිලධාරීන් 32ක් නේපාලයට

යොහාන් භාසුර - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගි වන දැවැන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් 32 ක් ඇතුළත් වන බව වාර්තා වේ. එම නිලධාරී කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රධානී උපාලි සමරසිංහ යන මහත්වරු ද ඇතුළත්ව සිටිති.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය උපේන්ද්‍ර මුදුගමුව මහතා ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේෂිකාවක් ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය ද එම නිලධාරී කණ්ඩායමට ඇතුළත්ව සිටින්නීය.

මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යාපෘති නිලධාරීන් සහ පුහුණුකරුවන් 10 බැගින් 20 දෙනකු ඇතුළත් වෙති.

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී (කබඩි) කීර්ති ගුණතිලක මහතා ද මෙම නිලධාරීන් අතරට ඇතුළත්ව සිටියි.


අදහස් (0)

අමාත්‍යංශ නිලධාරීන් 32ක් නේපාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.