Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අම්ෂිගේ පන්දු යැවීම සී.සී.සී පිලට ජය ගෙනෙයි

අම්ෂිගේ පන්දු යැවීම සී.සී.සී පිලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2020 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ 23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (16 වැනිදා) ආරම්භවූ අතර එහිදී බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.

අම්ෂි ද සිල්වාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පළමුව පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඞ් පිලට ඕවර 41.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණි. ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගැනීමට අම්ෂි ද සිල්වා සමත්වූ අතර පවන් රත්නායක සහ වනිඳු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිල ඕවර 13.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. මලිඳු මදුරංග (55) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.

තවත් තරග 9 ක් අද පැවැති අතර එහිදී කළුතර නාගරික, පොලිසිය, කෝල්ට්ස්, සී.සී.සී, හලාවත මේරියන්ස්, යුදහමුදාව, එස්.එස්.සී, මීගමුව, බදුරලිය සහ ද්‍රවිඩ සංගමය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්වූහ.

 

සී.සී.සී පිලට කඩුලු 8 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ සී.සී.සී කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(විනුජ රන්පුල් 35, අම්ෂි ද සිල්වා 12/5, පවන් රත්නායක 10/2, වනිඳු හසරංග 17/2)
සී.සී.සී- ඕවර 13.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 98
(මලිඳු මදුරංග 55, සොනාල් දිනූෂ නොදැවී 27)


යුදහමුදා පිලට ලකුණු 60 ක ජයක්
යුදහමුදාව සහ නුගේගොඩ කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 304
(හරිත් ප්‍රනාන්දු 88, බිෂාන් මෙන්ඩිස් 79, ශෙහාන් ප්‍රනාන්දු 21, පැතුම් කුමාර 24, මහේෂ් තීක්‍ෂණ 33, නිපුන් ලක්ෂාන් 65/4, සඳරු චන්දිත 37/3)
නුගේගොඩ - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී ලකුණු 244
(තෂික නිර්මාල් 34, මුදිත ලක්ෂාන් 69, සකුණ ලියනගේ 72, හෂාන් සංදීප 36/4, හේෂාන් හෙට්ටිආරච්චි 40/2, මහේෂ් තීක්‍ෂණ 55/2)


කළුතර නාගරික පිලට ලකුණු 65 ක ජයක්
කළුතර නාගරික සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 156
(ඉන්ෂක සිරිවර්ධන නොදැවී 48, ලසිඳු අරෝෂණ 20, ලික්ෂාන් සසංග නොදැවී 21, කවිඳු දිල්හාර 27/3, බිහඟ මෙන්ඩිස් 32/2)
සැරසන්ස් - ඕවර 27 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(නවිඳු නිර්මාල් 21, ලික්ෂාන් සසංග 26/2, ඉන්ෂක සිරිවර්ධන 26/2)


පොලිස් පිලට ලකුණක ජයක්
පොලිස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
පොලිස් - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(භවන්ත උදංගමුව 36, අසෙල් සිගේරා 41, රුවින්ද දිල්ෂාන් 31, නදීර බාලසූරිය නොදැවී 38, සමිත රංග 34/2, අකිඳු කරුණාරත්න 37/2, අමීන් මිෆ්ලාල් 37/2)
නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 224
(භාග්‍ය දිසානායක 60, විමුද් සප්නක 36, ශාලිත් ප්‍රනාන්දු 44, දමින්ද රෂාන් 31, ටාෂික් පෙරේරා 41/2, නදීර බාලසූරිය 44/2)


කෝල්ට්ස් පිලට කඩුලු 4 ක ජයක්
මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(පසිඳු සූරියබණ්ඩාර 39, කවිෂ්ක අංජුල 25, නිපුන් මාලිංග 26/3, රොහාන් සංජය 20/2, දිල්ෂාන් මදුශංක 26/2)
කෝල්ට්ස් - ඕවර 36.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 154
(අවිශ්ක ප්‍රනාන්දු 22, සංතුශ් ගුණතිලක 58, ජෙහාන් ඩැනියෙල් 31, කවිෂ්ක අංජුල 41/2)


හලාවත මේරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්
හලාවත මේරියන්ස් සහ පානදුර කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
පානදුර - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(නිපුන දේශාන් 21, චාරුක තරිඳු 24/3, දසුන් සෙනෙවිරත්න 29/3, කමිඳු මෙන්ඩිස් 31/2)
හලාවත මේරියන්ස් - ඕවර 24.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 125
(රිසිර වීරසූරිය 22, කමිඳු මෙන්ඩිස් නොදැවී 66, පසිඳු පැතුම් 14/3)


එස්.එස්.සී පිලට කඩුලු 7 ක ජයක්
එස්.එස්.සී සහ කුරුණෑගල කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 170
(කේෂාන් වන්නිආරච්චි 24, අසිත වන්නිනායක 25, රංදීර රණසිංහ 20, කවීන් බණ්ඩාර නොදැවී 34, චමිඳු වික්‍රමසිංහ 11/2, කවිඳු නදීෂාන් 37/2)
එස්.එස්.සී - ඕවර 37.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 173
(නිපුන් ධනංජය 77, සම්මු අෂාන් නොදැවී 72)

 
මීගමුව පිලට ලකුණු 68 ක ජයක්
මීගමුව සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
මීගමුව - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 202
(භානුක මනෝහර 25, දිමුත් සඳරුවන් 35, ශෙහාන් ප්‍රනාන්දු 32, කවිඳු නිර්මාන 30, රවිඳු සෙම්බකුට්ටිගේ 41/3)
ගුවන් හමුදාව - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(චාමිකර හේවගේ 25, රවිඳු සෙම්බකුට්ටිගේ 23, නිෂාන් පිරීස් 17/3, හරීන් වීරසිංහ 29/3, චමත් වික්‍රමසිංහ 40/3)


බදුරලිය පිලට කඩුලු 4 ක ජයක්
බී.ආර්.සී සහ බදුරලිය කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, හිරන්ත ජයසිංහ 42, තමිඳු වික්‍රමාරච්චි 11/4, අවිශ්ක ලක්ෂාන් 29/3)
බදුරලිය - ඕවර 37.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166
(මලින්ද ජයෝද් 86, රනේෂ් සිල්වා නොදැවී 23, මාලින්ද අභිෂේක් 40/3)


ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 4 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ ගාල්ල කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
ගාල්ල - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(විනුර දුල්සර 50, රවිෂ්ක විජේසිරි 33, දේශාන් ප්‍රනාන්දු 16/2, මිරංග වික්‍රමගේ 28/2, සචිදු කොළඹගේ 31/2, කවිඳු පතිරත්න 31/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 27.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 165
(නවෝද් පරණවිතාන 55, කමේෂ් නිර්මාල් 37, රවිඳු ප්‍රනාන්දු නොදැවී 33, තනුල චමෝද් 21/2, කුෂාන් මදූශ 39/2)

 


අදහස් (0)

අම්ෂිගේ පන්දු යැවීම සී.සී.සී පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.