Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කෙරෙයි

අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කෙරෙයි

editorial - 2021 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)

රුපියල් ලක්ෂ 407ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරුණු අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ (14) වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාගේ ආරාධනයෙන් මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න , ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති ජගත් සේනාරත්න, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් වන අජිත් ද සිල්වා සහ උපුල් තරංග යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හා අම්බලන්ගොඩ නගර සභාවෙන්  රුපියල් ලක්ෂ 150 බැගින් ලක්ෂ 300 ක් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ107ක් ඇතුලුව රුපියල් ලක්ෂ 407ක වියමින් මේ ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලදි.

ක්‍රීඩාංගනය විවෘත කිරීම සංඛේතවත් කරමින් අජිත් ද සිල්වා යැවූ පන්දුවකට උපුල් තරංග පහරක් ගැසීය.


අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.