Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ඊයේ (9 වැනිදා) පැවැති ටී.42/63 කාණ්ඩයේ (පිරිමි) මීටර් 100 ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ටී.42/63 කාණ්ඩයේ (පිරිමි) මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අමිල ප්‍රසන්න සමත් වූ අතර එය මෙවර තරගාවලියේදී ඔහු දිනාගත් දෙවැනි රන් පදක්කම විය. පෙරේදා පැවැති ටී.42/63 කාණ්ඩයේ (පිරිමි) මීටර් 200 ඉසව්වේ රන් පදක්කමද අමිල සතුවිය.
උපුල් ඉන්දික සහ සුරංග බණ්ඩාර පිළිවෙලින් එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් වලට හිමිකම් කීහ. ටී.42/63 කාණ්ඩයේ (පිරිමි) මීටර් 200 ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කියනු ලැබුවේද උපුල් ඉන්දික විසිනි.
තරගාවලියට සහභාගි වී සිටින රටවල් 44 අතරින් 31 ක්ම මේ වන විට පදක්කම් දිනා සිටින අතර ශ්‍රී ලංකාව පසුවන්නේ පදක්කම් සටහනේ 15 වැනි ස්ථානයේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.