Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අප් කන්ට්‍රි ලයන්ස් ගෝල 4-1 කින් ජයගනී

අප් කන්ට්‍රි ලයන්ස් ගෝල 4-1 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රිනවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 4-1 ක් ලෙස ජය ගැනීමට අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 78 වැනි ස 83 වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් ලබාගැනීමට පී.ජේ. එවන්ස් සමත් වූ අතර එම කණ්ඩායමේම ඒ. වාමේ 51 වැනි මිනිත්තුවේදීද, ඬේවිඞ් ඔෆොරි 57 වැනි මිනිත්තුවේදීද ගෝල වාර්තා කළහ.

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ඕ. ෆ්‍රැන්සිස් සමත් වූයේ තරගයේ 72 වැනි මිනිත්තුවේදීය.

මෙම තරගයේදී රිනවුන් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් හකීම් කහ කාඞ්පතක් ලැබීය.


-036

 


අදහස් (0)

අප් කන්ට්‍රි ලයන්ස් ගෝල 4-1 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.