Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුශූරතාවයට තියුණු සටනක්

අනුශූරතාවයට තියුණු සටනක්

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ශූරතාව දිනා ගැනීමට සී.සී.සී පිල සමත්විය. තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශූරතාව දිනාගත් සී.සී.සී පිල මේ වනවිට ප්‍රසාද ලකුණු 89.95 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවන්නේය.

හලාවත මේරියන්ස් ප්‍රසාද ලකුණු 68.89 ක්, එන්.සී.සී ප්‍රසාද ලකුණු 64.10 ක් සහ රාගම ප්‍රසාද ලකුණු 57.29 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන අතර ඔවුන් අතර අනුශූරතාව සඳහා තියුණු සටනක් පවති.

සුපිරි අට වටයේ අවසන් තරග අද (25 වැනිදා) ආරම්භවූ අතර එහිදී රාගම සහ බී.ආර්.සී කණ්ඩායම් අතර තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද, එන්.සී.සී සහ කෝල්ට්ස් අතර තරගය සී.සී.සී ක්‍රීඩාංගණයේදීද, සී.සී.සී සහ හලාවත මේරියන්ස් අතර තරගය එස්.සී.සී ක්‍රීඩාංගණයේදී සහ යුදහමුදාව සහ සැරසන්ස් අතර තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රසාද ලකුණු 67.89 ක් ලබාගත් මූවර්ස් පිල පළඟ ශූරතාව දිනා ගැනිමට ඊයේ (24 වැනිදා) සමත්විය. ප්‍රසාද ලකුණු 59 ක් ලබාගත් මීගමුව පිල දෙවැනි ස්ථානයටත්, ප්‍රසාද ලකුණු 41.46 ක් ලබාගත් ද්‍රවිඩ සංගම් පිල තෙවැනි ස්ථානයටත් පත්විය.

 


අදහස් (0)

අනුශූරතාවයට තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.