Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුර - මනිලාල් 6 දා කෝප් කමිටුවට කැඳවති

අනුර - මනිලාල් 6 දා කෝප් කමිටුවට කැඳවති

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------
නාමල් පතිරගේ
-----------------

අති විශාල මුදල් සම්භාරයක් ලැබී තිබියදීත්, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මේ වන විට ඉතා පහළ අඩියකට වැඩී තිබීම අතිශයින් ඛේදජනක තත්ත්යක් බැවින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද  සිල්වා හා එහි හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ට ලබන මැයි 6 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනි සිටින  ​ලෙසත් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා නියෝග කර සිටියේය.

කෝප් කමිටුවේ කැඳවීම් හමුවේ පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා ඇතුළු  එහි විධායක සභාවේ ප්‍රධානින්, එහි නීති අංශයේ හා මුල්‍ය අංශයේ ප්‍රධානීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (22) කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ. එම අවස්ථාවේ දී ‘කෝප්’ කමිටුවේ සභාපතිවරයා ඉහත නියෝගය කළේය.

මෙම අවස්ථාවට කැඳවීම් ලබා සිටි පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා, ඔහුගේ පුත්‍රයෙකුගේ විවාහ උත්සවය එදින යෙදී තිබුණු බැවින් සහභාගිවීමට නොහැකි  බවට කෝප් කමිටුව දක්වා තිබුණු බව ද වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එහි ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු නියෝජිතයෝ කීප දෙනෙක්ද සහභාගි වී සිටියහ.

පාපන්දු සම්මේලනයේ කටයුතු ගණනාවක් කෝප් කමිටුව හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නියෝජිතයන් 28 දෙනකුගෙන් 18 දෙනකු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීමට කටයුතු කිරීම එසේ දෝෂ දර්ශනයට ලක්වූ එක් කරුණකි. එය  පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව  සිදුවුවත් මෙම පත් කිරීම් ක්‍රමවේදය වෙනස් කිරීමට මැදිහත් වන ලෙස එම අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

 ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා, විධායක සංගමයේ බහුතරයක් සභාපතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීමේ ක්‍රමවේදය වළක්වාලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නුදුරේදීම නියෝගයක් නිකුත් කරන බව පැවසීය.

කෝප් කමිටුවේ අදහස් වී ඇත්තේ සභාපති වරයා විසින් විධායක සභිකයන් 18 දෙනකු පත් කිරීමේ ක්‍රියාදාමයේ දී ඔහුගේ තීරණ අභිබවා යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවන බවයි.


 


අදහස් (0)

අනුර - මනිලාල් 6 දා කෝප් කමිටුවට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.