Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාල චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාල චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වෙයි

ශානුක අරවින්ද - 2020 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික චෙස් සම්මේලනයේ සංවිධානයෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන චෙස් ඔලිම්පියාඞ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (7 වැනිදා) සිට සම්බන්ධ වීමට නියමිතය. අදියර 5 කින් සමන්විත වන මෙම තරගාවලිය ජූලි මස 24 වැනිදා ආරම්භ වූ අතර අගෝස්තු මස 25 වැනිදා නිමාවට පත්වෙයි.

අද ආරම්භ වන්නේ තරගාවලියේ තුන්වැනි අදියරයි. ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සම්බන්ධ වන්නේ තුන්වැනි අදියරේ සිටය.
නව ආකෘතියක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයෝ දෙදෙනෙක්, ක්‍රීඩිකාවෝ දෙදෙනක්, කනිෂ්ඨ ක්‍රීඩකයෙක් සහ වයස අවුරුදු 20 ට අඩු ක්‍රීඩිකාවක් ඇතුළත් වෙති. ඔවුන් සියලු දෙනා සඳහා ආදේශක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද කණ්ඩායම්වලට ඇතුළත්ව සිටිති.

ජාතික චෙස් තේරීම් කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ ජී.එම්.එච්. තිලකරත්න කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාජේන්ද්‍ර කළුගම්පිටිය මහතාද, කලමණාකරු ලෙස රන්සිත් ප්‍රනාන්දු මහතාද කටයුතු කරති.

 


ශ්‍රී ලංකා කණඩායම
ජී.එම්.එච්. තිලකරත්න (කුරුණෑගල මලියදේව විදුහල), ඉසුරු අලහකෝන් (ශ්‍රී ලංකා නාවික හමුදාව), දෙව්නෙත්මි දහම්ප්‍රිය (කොළඹ විශාකා විදුහල), අෂ්විනි පවල්ච්න්ද්‍රන් (කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල), එල්.එම්.එස්.ටී. ද සිල්වා (කොළඹ නාලන්දා විදුහල) සහ ගිහන්සා ජයවීර (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), ජී.සී. අනුරාධ (මහනුවර වයි.එම්.සී.ඒ. ක්‍රීඩා සමාජය), දිල්ෂාන් ලියනගේ (කොළඹ ආනන්ද විදුහල), නෙත්මි ප්‍රනාන්දු (මහනුවර උසස් බාලිකා විදුහල), සචිනි රණසිංහ (එන්.එෆ්.3 චෙස් සමාජය), සංජුල දොළුවීර (කොළඹ රාජකීය විදුහල) සහ නික්ලේෂා තරුෂි (කොළඹ විශාකා විදුහල)


අදහස් (1)

අන්තර්ජාල චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වෙයි
  • GL Wijesuriya Friday, 07 August 2020 03:18 PM

    අපේ සුබපැතුම්..!!! ඔබට ජය..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.