Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අධ්‍යාපන - සෞඛ්‍ය නිලධාරීහු අවදානම අනුව ක්‍රීඩා වෙන්කරති

අධ්‍යාපන - සෞඛ්‍ය නිලධාරීහු අවදානම අනුව ක්‍රීඩා වෙන්කරති

යොහාන් භාසුර - 2020 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් යුත් කමිටුව ක්‍රීඩා අවදානම අනුව කොටස් තුනකට වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ඉහළ අවදානම, මාධ්‍යම අවදානමක් සහ අඩු අවදානමක් සහිත ලෙස ක්‍රීඩා වෙන්කර ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙන වෙනම සෞඛ්‍ය නිර්දේශ ලබාදීමට නියමිතය.

පාසල් ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කිරීමට පසුගියදා පැවැති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඉහත ආකාරයට ක්‍රීඩා වෙන්කර සෞඛ්‍ය බලධාරීන්ට යොමු කර තිබේ. ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස සිට මේ දක්වා කිසිඳු පාසල් ක්‍රීඩාවක් ආරම්භ කිරීමේ අවස්ථාවක් හිමිව නොමැත.

මෙම සාකච්ඡාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ සකස් කර ඇති බවත් ඉදිරි දින දෙක තුන තුළදී නිර්දේශ ප්‍රසිද්ධ කළ හැකි බවයි.

“මෙහිදී අපිට වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීමට මුල්තැන දෙන්න සිදුවුණා. ඒ හේතුවෙන් ඇතැම් ක්‍රීඩාවල දැඩි අවදානම පිළිබඳව අවදානය යොමු කර අත්හැර දාන්න සිදුවුණා. උදාරණයක් ලෙස රග්බි ක්‍රීඩාව දැඩි අවදානමක් ක්‍රීඩාවක් නිසා අත්හිටුවන්න සිදුවුණා”

“කරාටේ ක්‍රීඩාව ගත්තොත් කාතා වැනි ඉසව් පවත්වන්න පුළුවන්. නමුත් කුමිතේ එනම් සටන් ඉසව් අත්හිටුවන්න සිදුවුණා. ජීවිතාරක්‍ෂක ක්‍රීඩා අපි දැඩි අවදානම් ගොඩට දැම්මට එහි ඇතැම් ඉසව් තියෙනවා දුරස්ථභාවය තබාගෙන කළ හැකි. ඒ නිසා එහි සංශෝධනයක් කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ඉදිරි සතියක හෝ දෙකක කාලය තුළ තෝරාගත් ක්‍රීඩා සහ ඇතැම් තෝරාගත් ඉසව් පැවැත්වීමේ හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.  

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන ක්‍රීඩා කීපයක් සඳහා ද අධ්‍යාපන බලධාරීන් ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට තිබේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය බලධාරීහූ මේ සඳහා මැදිහත් වූහ.  

   
 


අදහස් (0)

අධ්‍යාපන - සෞඛ්‍ය නිලධාරීහු අවදානම අනුව ක්‍රීඩා වෙන්කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.