Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතුරු තහනමකට කළ ඉල්ලීම ඉවත දමයි

අතුරු තහනමකට කළ ඉල්ලීම ඉවත දමයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීණයන්ගේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට එරෙහිව අතුරු තහනමක් පනවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රවීණයන්ගේ සංගමය කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. එම නඩුව වසර 2014 මැයි 5 වැනිදා සිට විභාගයට ගනු ලැබූ අතර එහිදී කොළඹ දිසා අධිකරණය තීන්දු කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීම ස්වකැමැත්තෙන් ගත් තීරණයක් වන බැවින් එයින් පසුව ඒ වෙනුවට එම සාමාජිකත්වය ප්‍රවීණයන්ගේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලබා ගැනීමට ගත් තීරණයේ වරදක් නොවන බවය.

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය අතුරු තහනම් නියෝගය ඉල්ලා සිටිමින් අධිකරණයට කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලි සඳහා නිල සම්න්ධීකරණ කටයුතු ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහෙයවීම හා ඒ වෙනුවෙන් තේරීම් තරග පැවැත්වීමේ හිමිකම ඇත්තේ තමන්ට පමණක් බවය.

ඒ අනුව ප්‍රවීණයන්ගේ ශ්‍රී ලංකා සංගමයේ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස උක්ත නඩුවෙන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ සංගමය ඉල්ලා තිබුණි. කෙසේවුවත් මෙරට ජාතික මලල ක්‍රීඩා සංගමය හා අන්තර්ජාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකාව වෙනුවෙන් එම හිමිකම් ලබා දී ඇත්තේ තමන්ට බව පසුව ස්ථාපිත කළ ප්‍රවීණයන්ගේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.

මෙම සිදුවීමට ආසන්නම හේතුව වූයේ එවකට සභාපති ධුරය දැරූ තිස්ස සමරසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුබද්ධ සාමාජිකත්වයෙන් ඉවත් කර ගැනීමයි.

එයින් පසුව ඊට එරෙහිව එහිම සාමාජිකයන් පිරිසක් විසින් ස්ථාපිත කරන ලද ප්‍රවීණයන්ගේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ජාතික මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ප්‍රදානය කෙරුණි.

මෙම  සිදුවීමෙන් පසුව ජාතික මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය සඳහා පැරණි සංගමය නැවත අයදුම්පත් කළත් එය ප්‍රතික්ෂේප කෙරුණි.

 


අදහස් (0)

අතුරු තහනමකට කළ ඉල්ලීම ඉවත දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.