Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතපත්තුගේ ශතකය අායෙත් අපතේ යයි

අතපත්තුගේ ශතකය අායෙත් අපතේ යයි

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (09) සමත් වූහ. මෙය 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ තරගාවලියකි.   

බ්‍රිස්බේන්හිදී අද (09) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු පිල කඩුලු නවයකින් ජය ලැබීය. ඕස්ට්‍රේලියානු පිල ලකුණු 196 ක ඉලක්කය ඕවර 26.5 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

මෙහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනී චමරි අතපත්තු ශතකයක් රැස්කරමින් සිය පස්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළාය. ශ්‍රී ලංකාවේ එකම එක්දින ජාත්‍යන්තර ශතක ලාභිනිය වන අතපත්තු මෙම සංචාරයේ විස්සයි20 තරගාවලියේදී ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු විස්සයි20 ජාත්‍යන්තර ශතක ලාභිනිය බවට ද පත්වූවාය. අතපත්තු මෙම ඉනිමේදී පන්දු 124 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළාය.  

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවන වන 29 හැවිරිදි අතපත්තු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 84 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 2625 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 31.62 කි.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකාරිනී ඇලිසා හීලි සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලෙස පන්දු 76 කින් නොදැවී ලකුණු 112 ක් රැස්කිරීමට සමත් වූවාය. ඇයගේ ශතකයට හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල - ඕවර 50 යේදී කඩුලු 8 ට 195
(චමරි අතපත්තු 103, හර්ෂිතා මාධවී 24, අමා කාංචනා 17, ඕෂදී රණසිංහ 17, මේගන් ෂූට් 44/2, ජෝර්ජියා වර්හම් 18/2)

ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 26.5 කදී කඩුලු 1 ට 196
(රචෙල් හයින්ස් 63, ඇලිසා හීලි නොදැවී 112, මැග් ලැනින් නොදැවී 20)

ඡායාරූප - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි.

 -048


අදහස් (0)

අතපත්තුගේ ශතකය අායෙත් අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.