Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකිල ධනංජය 28 දා චෙන්නායි යයි

අකිල ධනංජය 28 දා චෙන්නායි යයි

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහා අකිල ධනංජය මේ මස 28 වැනිදා චෙන්නායි නුවර බලා පිටත්ව යයි. චෙන්නායි නුවරදී පිහිටි ජෛවතාක්‍ෂණ විද්‍යාගාරයේදී මෙම පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

මෙම පරීක්‍ෂණය සඳහා අකිල ධනංජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (පරිපාලන) ජෙරම් ජයරත්න මහතාද චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිතය. සාමාන්‍යයෙන් මෙවන් පරීක්‍ෂණ සඳහා අදාළ ක්‍රීඩකයා සමග සහභාගි වන්නේ පන්දු යැවීමේ පුහුණුකරුවකු වුවද මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු නොසිටින බැවින් ජෙරම් ජයරත්න අකිල ධනංජය සමගින් චෙන්නායි නුවර බලා යනු ඇත.  

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේදී නිමා වූ තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව විනිසුරුවරු වාර්තා කළහ. එතැන් සිට දින 14 ක් ඇතුළත සැකයට පාත්‍රවූ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අකිල ධනංජය පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුවන අතර එහි වාර්තාව එන තුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබේ.

විස්සයි-20 කඩුලු 16 ක හිමිකරුවකු වන අකිල ධනංජය ටෙස්ට් තරග 6 කදී කඩුලු 33 ක් ද, එක්දින තරග 36 කදී කඩුලු 51 ක් ද දවාගෙන තිබේ.

 


අදහස් (1)

අකිල ධනංජය 28 දා චෙන්නායි යයි
  • asanka Tuesday, 27 August 2019 10:19 AM

    ලංකාවේ කඩුළු ටිකක් වැඩිපුර ගත්තම ඔහුට විනය පරීක්ෂණ .වෙන රටවල් වල එහෙම වෙන්නේ නෑ . මේකෙන් වෙන්නේ ක්‍රීඩකයෙකුට ඉදිරියට ඒමට නොහැකි වීම .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.