Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ තේරීම් තරග 7 දා

23 න් පහළ තේරීම් තරග 7 දා

Nisanka Sandeepani - 2019 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 23 න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පවත්වනු ලබන තේරීම් තරග මේ මස 7 වැනිදා බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 

මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලිය සහ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහාද මෙම තේරීම් තරග අදාල වේ. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විටත් සියලුම පාපන්දු ලීගවලට සිය හොඳම ක්‍රීඩකයන් මෙම තේරීම් තරග සඳහා සහභාගි කරවන ලෙස දන්වා යවා තිබේ. 

තේරීම් තරග සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන, 1997 වසරේ ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව උපන් ක්‍රීඩකයන් තම පාපන්දු ලීගය හරහා තේරීම් තරගවලට සහභාගි විය යුතුය. 

තේරීම් තරග පිළිබඳ වැඩිදුර තොරතුරු 0777-110604 යන දුරකතන අංකය ඔස්සේ ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනවීර මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. 

-036 


අදහස් (0)

23 න් පහළ තේරීම් තරග 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.