Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ අවසන් පූර්ව තරග කල් දමයි

23 න් පහළ අවසන් පූර්ව තරග කල් දමයි

editorial - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය පැතිරීයාමේ රැල්ල හේතුවෙන් වයස 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග අද (7 වැනිදා) කොළඹ සී.සී.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහිදී බදුරලිය කණ්ඩායම‍ට එරෙහිව එස්.එස්.සී. කණ්ඩායමද, ‍ලන්කන්ස් කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් කණ්ඩායමද ‍තරග වැදීමට සූදානමින් සිටියහ.
‍අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර ලබන 11 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබිණ.

පවතින තත්වය සමතයකට පත්වීමෙන් පසුව අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය පැවැත්වීම සඳහා නව දිනයන් යොදාගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

 

 -036
 

 


අදහස් (0)

23 න් පහළ අවසන් පූර්ව තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.