Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල්යයි

23 න් පහළ අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල්යයි

යොහාන් භාසුර - 2020 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ඊයේ (21) පස්වරුවේ පැවසීය.

මෙම මස ආරම්භයේදී නැවතත් උද්ගතවූ ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය කල්දැමීමට සිදුවිය. ඉන් අනතුරුව එම තරග තුන මේ මස 23 සහ 25 දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද ‘කොවිඞ් 19’ අවදානම තව දුරටත් වැඩි වීම හේතුවෙන් සැළසුම පසු පසට තල්ලු කිරීමට සිදුවිය.

“අවසන් පූර්ව තරග දෙක මේ මස 27 වැනිදාද, අවසන් මහ තරගය මේ මස 29 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට සැළසුම් කරලා තිබුණේ. නමුත් අද පෙරවරුවේ තරග අත්හිටුවන ලෙස සෞඛ්‍ය අංශයෙන් උපදෙස් ලැබුණා” යැයි එම නිලධාරියා ඊයේ පැවසීය.

අවසන් පූර්ව තරග කෝල්ට්ස් පිල සහ ලන්කන්ස් පිල අතර ද, එස්.එස්.සී. පිල සහ බදුරලිය පිල අතර පැවැත්වීමට නියමිතය. එම තරග දෙක එන්.සී.සී., පී. සරවනමුත්තු, කෝල්ට්ස් සහ සී.සී.සී. යන ක්‍රීඩාංගණ හතරෙන් දෙකක පැවැත්වීමට සූදානම් කර තිබිණ.
 
 
 

අදහස් (0)

23 න් පහළ අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.