Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2023 වෙනකන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා

2023 වෙනකන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා

ශනුක අරවින්ද - 2017 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුලු 300 ක් ලබාගැනීමෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගන්නේ නැති බවත්, 2023 වසර දක්වා ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාලිංග ඒ බව පවසා සිටියේය.

“පන්දු යවන්නෙක් විදියට මට පසුගිය තරගාවලි දෙකකදී පමණ කඩුලු ලබාගන්න බැරි වුණා. ඒක ගොඩක් ලොකු කථාබහකට ලක් වුණා. මගේ පසුගිය අවුරුදු 14 ට වඩා හුගක් අය කතාබහ වුණේ පසුගිය මාස එකහමාර දෙක ගැන. මට ඒ දේ හොඳට පුරුදුයි.”

“සමුගැනීම ගැන කථා කළොත් කඩුලු 300 ක් ලබාගැනීම කියලා මගේ එහෙම අරමුණක් නෑ. මට ක්‍රීඩා කරන්න ලැබෙන තරගයේදී කඩුලු ලබාගන්නයි මම උත්සාහ කරන්නේ. මට කඩුලු ලැබෙන්නත් පුලුවන්, නැතිවෙන්නත් පුලුවන්. පන්දු යවන්නාට තමා පහරදෙන්නේ. කඩුලු ලබාගන්න පුලුවනුත් පන්දු යවන්නාටම තමයි. ඉතින් කඩුලු ලබාගත්ත දවසට හොඳයි. නැති දවසට හොඳ නෑ. කොහොම වුණත් මම 2023 වෙනකන් ක්‍රීඩා කරන් බලාපොරොත්තු වෙනවා.” යැයි මාලිංග වැඩිදුරටත් පැවසීය.

 

 


අදහස් (0)

2023 වෙනකන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.