Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2021 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

2021 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2021 දී පැවැත්වීමට නියමිත 75 වැනි ලෝක ශූරතා හා ශාරීරික අභ්‍යාස ශූරතා තරගාවලියේ සත්කාරය කොන්දේසි මත ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඩුබායි නුවර දී පැවැති එහි වාර්ෂික මහ සැසිවාරයේ දී එකඟවී තිබේ. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩා පරිපාලනයේ පවතින අර්බුද අවසන් කරමින් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඉතා ඉක්මනින් ස්ථාපිතකර අවසන් කිරීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකාවට වසර 2021 තරගාවලියේ සත්කාරය ප්‍රදානය කර තිබේ.

ඒ පිළිබඳව ප්‍රගතිය සොයා බැලීම සඳහා ලබන වසරේ දී ලෝක කායවර්ධන සම්මේලනයේ ප්‍රධානින් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවීමට නියමිතය.

රටවල් 126ක සාමාජිකත්වය හෙබි ලෝක කායවර්ධන සම්මේලනයේ ඩුබායි නුවරදී පැවැති මහ සමුළුවට රටවල් 89 ක නියෝජිතයෝ සහභාගි වූහ. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ක්‍රියාත්මක නොවන බැවින් ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් කායවර්ධන අතුරු කමිටුවේ වැඩ බලන ලේකම් නිහාල් වීරතුංග මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටප සභාපතිවරයකුවන කපිල කුමාර මහතා ද සහභාගිවී සිටි අතර මෙවර ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ මෙම නිලධාරින් දෙදෙනාම එහි තරග විනිශ්චයට ද සහභාගි විය.

ඒ අතර ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගත් කිලෝ ග්‍රෑම් 65 බර පංතිය ඇතුළු ඉසව් හතරක ජය සංකේත ප්‍රදානෝත්සවය සඳහා කපිල කුමාර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවීම් ලැබීම ද කැපී පෙණුනි. කපිල කුමාර මහතා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ධුරය දැරූ වසර 2014 කොළඹ දී රටවල් 23 ක සහභාගිත්වයෙන් ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය සංවිධානය කළේය.

එහිදී ශ්‍රී ලංකාවේ සත්කාරය ආසියානු සමුළුවේ හා ලෝක සමුළුවේ පැසසුමට ලක්විය. ඒ සඳහා රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය විය. ශ්‍රී ලංකාව ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියක දී වැඩිම පදක්කම් දිනා ගත්තේ ද 2014 කොළඹ තරගාවලියේ දීය. ඒ රන් පදක්කම් හා රිදී පදක්කම් හතරක් බැගින් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමෙනි.

- 223


අදහස් (0)

2021 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.