Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2021 අයි.පී.එල්. තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

2021 අයි.පී.එල්. තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

editorial - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) 14 වැනි තරගාවලිය සඳහා තවත් කණ්ඩායම් දෙකකට මිල ගණන් ඉදිරිපත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවේ. මීළඟ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය මෙවර පූර්ණ වෙන්දේසියක් ලෙස වාර්තා වීමත් සමඟ, කණ්ඩායම් 8 සිට 10 දක්වා ව්‍යුහය වෙනස් කළ හොත්, කණ්ඩායම්වල ගුණාත්මකභාවය පිරිහී යනු ඇතැයි යන කාරණාව සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකරුවෝ කනස්සල්ලට පත්ව සිටිති.

සමහර කණ්ඩායම් මේ වන විටත් ඉන්දීය ක්‍රීඩකයින් සමඟ සංචිතයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිති. සෑම සංචිතයකටම විදේශීය ක්‍රීඩකයින් 8 දෙනෙකු ලැයිස්තුවේ සිටිය හැකි නමුත්, ක්‍රීඩා කරන 11 දෙනාට නම් කළ හැක්කේ විදේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණි.

කණ්ඩායම් ගණන 8 සිට 10 දක්වා වැඩි කළ හොත්, ඉන්දීය ක්‍රීඩකයින්ගේ සංචිතය තවදුරටත් ගුණාත්මක භාවයෙන් තොර වනු ඇතැයි බොහෝ දෙනා බිය වන අතර එමඟින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු ඇති වේ.

”ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා කණ්ඩායම් දැනටමත් දුෂ්කර වී තියෙනවා. අප බොහෝ අයි.පී.එල් සංචිත දෙස බැලුවහොත්, ක්‍රීඩකයින් හතත් - නවයත් අතර ප්‍රමාණයක් ස්ථීර ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරන 11 දෙනාට ඇතුළත් වන අතර කණ්ඩායම සමබර කර ගැනීම සඳහා ක්‍රීඩකයික් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සැමවිටම මාරු කිරීමට සිදු වෙනවා... ඒ අනුව දැන් තියෙන කණ්ඩායම් සංඛ්‍යාව 8 සිට 10 දක්වා වැඩිකළහොත් එය තවත් දුෂ්කර එකක් වේවි” යයි කණ්ඩායම් හිමිකරුවෙක් පැවසීය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, ක්‍රීඩා කරන 11 දෙනා සඳහා ඇතුළත් කළ හැකි විදේශීය ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 4 සිට 5 දක්වා වැඩි කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් යෝජනා කර ඇත. එවැනි පියවරක් මගින් කණ්ඩායමක ගුණාත්මකභාවය විශාල වශයෙන් හානිවීමේ ගැටළුව විසදෙනු ඇත.

මෙම ක්‍රීඩකයන් 4 සීමාව නිසා සෑම තරගාවලියකදීම වඩාත් හොඳ විදේශීය ක්‍රීඩකයින් බංකුවට වෙලා ඉන්නවා. අතිරේක විදේශීය ක්‍රීඩකයෙකු මගින් කණ්ඩායම සමබර කරගැනීමට පුළුවන් යැයි එම නිලධාරියා යෝජනා කළ බව දැනගන්නට ලැබේ.

මෙවර අයි.පී.එල් තරගාවලිය සඳහා අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් පසුවුවද එය සිදුනොවීය. මේ වනවිටත් 2021 තරගාවලිය සඳහා අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගනිමින් අලුත් කණ්ඩායමක් පිළිබඳව ඉඟි පලවන අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා එම කණ්ඩායමට නායකත්වය දෙනු ඇතැයි වාර්තාවේ. 2016 සහ 2017 තරගාවලියන් හිදී ගුජරාට් ලයන්ස් නමින් කණ්ඩායමක් සිටි එහි නායකයා ලෙස සුරේෂ් රයිනා කටයුතු කළේය.

අහමදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ නගරයකි. ගුජරාටයේ රසිකයන් තමන්ගේම අයි.පී.එල්. කණ්ඩායමක් පිළිබඳව බලාපොරොත්තුවෙන් පසුවන අතර එසේම ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ නායකයා වූ සුරේෂ් රයිනාට නැවත ඔහුගේ ආගමනයත් සමගින් විශිෂ්ට ප්‍රතිලාභයක් අත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.


- 2079

 


අදහස් (0)

2021 අයි.පී.එල්. තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.