Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් “ඉතා ඉහළ අවදානමක්” බව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් මහතා පවසයි. 2020 දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඉදිරියට යාමේ අපේක්ෂාව අවතක්සේරු කරමින් ඔහු මේ බව කියා තිබේ.
“එය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්විය හැකි යැයි අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එය සිදුවීමේ අපේක්ෂාව පිළිබඳව ඉතා ඉහළ අවදානමක් ඇති බව ඔබට පැවසිය යුතුයි” යනුවෙන් රොබට්ස් මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකතන සංවාදයකදී පැවසීය.
“මෙම වසරේදී එය පැවැත්වෙන්නේ නැතිනම්, ඊළඟ වසරේ (2021) පෙබරවාරි-මාර්තු හෝ ඔක්තෝබර්-නොවැම්බර් යන කාලය තුළ පැවැත්වීමේ අවස්ථාව තිබෙනවා.”
“වසර කිහිපයක් පුරා අන්තර්ජාතික තරගාවලි ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අනුමැතිය හිමිවී තියෙනවා. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සංකීර්ණතා රාශියක් තියෙනවා” යයිද කෙවින් රොබට්සන් මහතා පැවසීය.
කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගියදා කියා සිටියේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බවයි. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ජුනි 10 වනදා පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ රැස්වීම තෙක් කල් දමා තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.