Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ රග්බි ලීග් තරගාවලිය ලබන වසරටත් ඇදෙන ලකුණු

19 න් පහළ රග්බි ලීග් තරගාවලිය ලබන වසරටත් ඇදෙන ලකුණු

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘ඩයලොග්’ කුසලාන වයස 19 න් පහළ ලීග් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස දක්වා ඇදීයෑමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

උසස් පෙළ විභාගය තව දුරටත් කල්ගියහොත් අන්තර් පාසල් රග්බි තරගාවලිය ආරම්භ කිරීම දෙසැම්බර් මාසය දක්වා කල්යෑමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් තරගාවලිය පෙරවාරි මස දක්වා පැවැත්වීමට සිදුවනු ඇති බවත් දැනගන්නට තිබේ.    

“උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය මෙහි ප්‍රධාන සාධයක බවට පත්ව තිබෙනවා. උසස් පෙළ විභාගය නැවතත් කල්යෑමේ අවදානමක් පවතිනවා. එසේ නොවුණහොත් ඔක්තෝබර් 15 වැනිදා තරගාවලිය ආරම්භ කරලා නොවැම්බර් 30 වැනිදා වන විට අවසන් කරන්න සැළසුම් කරලයි අපි තිබුණේ”

“ශ්‍රී ලංකා රග්බි සංගමයත් අපිත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් කිව්වා අන්තර් සමාජ ලීග් තරගාවලිය සමඟ ගැටෙන්නෙ නැති වෙන්න පාසල් තරගාවලිය සැළසුම් කරමු කියලා”  යැයි ද මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.

වයස 19 න් පහළ ලීග් තරගාවලියේ පළමු වටයේ තරග මාර්තු මස අවසන් වීමට නියමිතව තිබුණි.  කොරෝනා වසංගතය හේතුවෙන් එහෙත් මාර්තු 13 වැනිදා දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු දීමත් සමගින් අන්තර් පාසල් තරගාවලිය එතැනම ඇණහිටියේය.


අදහස් (0)

19 න් පහළ රග්බි ලීග් තරගාවලිය ලබන වසරටත් ඇදෙන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.