Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 වසරක වාර්තාවක් බිඳවැටෙයි

19 වසරක වාර්තාවක් බිඳවැටෙයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීටර 110 කඩුලූ පැන දිවීමේ 21න් පහළ බාලක ඉසව්වේ වසර 19ක් පැරැණි වාර්තාව බිඳ දමමින් (තත්ත්පර 14.50) දස්කම් දැක්වීමට ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ් සමත් විය. සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ තුන්වැනි දිනය වූ අද (4 වැනිදා) ඔහු මෙම දස්කම කළේය.
එම ඉසව්වේ මූලික වටයේදීම ඔහු නව වාර්තාව පිහිටුවීය. මෙම ඉසව්වේ අවසන් තරගය හෙට (5) පැවැත්වේ.

මෙම ඉසව්වේ පැරැණි වාර්තාවට හිමිකම් කීවේ, පසු කලෙක මීටර් 110 කඩුලූ පැන දිවීමේ ඉසව්වේ ජාතික ශූරයා ද වූ තවමත් එහි ශ්‍රී ලංකා වාර්තාවට ද (තත්ත්පර 14.07 - 1995) හිමිකම් කියන මහේෂ් පෙරේරාය. ඒ ශාන්ත පීතර විදුහලේ ශිෂ්‍යයකුව සිටියදී තත්ත්පර 14.60කට තරගය නිම කිරීමට මහේෂ් සමත් විය.
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය හෙටත් අනිද්දාත් (5-6) සුගතදාස පිටියේදී පැවැත්වේ. හෙට පස්වරුවේදී සමාප්ති උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


අද දිනය නිමා වනවිට වාර්තා වූ නව වාර්තා සංඛ්‍යාව 11කි.

මීටර් 110 - කඩුලූ - වයස 21න් පහළ :
(මූලික වටය) සුපුන් විරාජ් රන්දෙණිය (ගන්නොරුව රණබිම රාජකීය විදුහල තත්ත්පර 14.50).

මීටර් 5000 - වයස 19න් පහළ:
 එස්.එම්.ඞී.එම්. සමරකෝන් (අනුරුද්ධ කුමාර ජාතික පාසල - විනාඩි 15 තත්ත්. 23.53).

මීටර් 400 කඩුලූ - වයස 17න් පහළ:
ආර්.ඞී.ඒ. විධුසංක (කෑගල්ල සාන්ත මේරි විදුහල තත්පර 54.45)

මීටර් 400 කඩුළු - වයස 21 න් පහළ:
ළහිරු ප‍්‍රසන්නජිත් (හොරණ තක්ෂිලා මැදි විදුහල - තත්ත්පර 53.47)

මීටර් 200 - වයස 15න් පහළ:
ආසිරි විජේසේකර (රාජකීය ගේට්වේ ජාත්‍යන්තර පාසල - තත්ත්පර 23.34)

දුර පැනීම - වයස 19න් පහළ:
ඩබ්.කේ.එන්. උදය කුමාර (රත්නපුර කුමාර විදුහල - මීටර් 7.38)

රිටි පැනීම - වයස 21න් පහළ:
එම්.එම්.අයි. සඳරුවන් (වලල ඒ. රත්නායක මැදි විදුහල - මීටර 4.50)

මීටර 400 කඩුලූ - වයස 17න් පහළ:
(මූලික වටය) ඒ.පී.එම්.එස්.කේ. අබේරත්න (තංගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල - විනාඩි 1 තත්. 05.50)

රිටි පැනීම - වයස 17න් පහළ:
එස්.කේ. ධර්මරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල - මීටර 3.11)

කවපෙත්ත විසිකිරීම - වයස 19න් පහළ බාලිකා:
අමන්ති සිල්වා (කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය - මීටර 41.20)

මීටර 100X4 වයස 21න් පහළ:
තංගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල් කණ්ඩායම:(තත්ත්පර 51.01).


අදහස් (0)

19 වසරක වාර්තාවක් බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.