Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ 10 දෙනෙක්

19 න් පහළ 10 දෙනෙක්

යොහාන් භාසුර - 2020 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් පහට ඇතුළත් කිරීම සඳහා වයස 19 න් පහළ ක්‍රීඩකයන් 10 දෙනකු නම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව දැනුම්දී තිබේ. මෙම ක්‍රීඩකයන් 10 දෙනා කණ්ඩායමකට දෙදෙනකු බැගින් ඇතුළත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මෙවැනි තරගාවලියක අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ට ලබාදීමට මෙය හොඳම අවස්ථාවක් බවයි.

“මෙම තරගාවලියට විදේශීය ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් සහභාගි වෙනවා. ඒ ක්‍රීඩකයන් අතරින් රැසක් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්. එවැනි ක්‍රීඩකයන් සමඟ තරුණ ක්‍රීඩකයන්ට මුසුවීමට ලැබීමෙන් අත්දැකීම් එකතු කරන්න පුළුවන්. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක්”

“ඒ පිළිබඳව අවධානය යොමු කරලා තේරීම් කමිටුවට කිව්වා වයස 19 න් පහළ ක්‍රීඩකයන් 10 ක් තෝරලා දෙන්න කියලා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංචිත සමඟ එකතු වන විට මෙම ක්‍රීඩකයන් 10 දෙනා ද හම්බන්තොට බලා පිටත්ව යෑමට නියමිතය.


අදහස් (0)

19 න් පහළ 10 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.