Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරස් වසංගත තත්වය නැවත වරක් ලෝ පුරා පැතිරී යාම හේතුවෙන් වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පවසයි. මෙම තරගාවලිය ලබන නොවැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
මෙම තරගාවලිය වසර 2021 දී සුදුසු කාලයකදී පැවැත්වෙනු ඇති බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියා පැවසීය.
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමඟින් සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙකක් සමගින් තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගිවීමට නියමිතව තිබුණි.
වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය මේ වසරේ නොවැම්බරයේ පැවැත්වීමට අපේක්ෂා කළද එය 2021 දක්වා කල්දැමීමට සිදුවූ බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රීඩා සංවර්ධන කළමනාකරු ඒ.ඊ.එම්. කව්සාර් මහතා තහවුරු කළේය. ලබන වසරේදී තරඟාවලිය පැවැත්වීම සඳහා සුදුසු දිනයක් බලාපොරොත්තු වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී බංග්ලාදේශය පරාදවා ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්විය.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේදී ක්‍රිකට් තරගාවලි රැසක්ම කල්දැමිණ. එහෙත් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරද, එංගලන්තය සහ පාකිස්තානය අතරද ටෙස්ට් තරගාවලි දෙකක් පැවැත්විණ. දිගින් දිගටම කල්දමන ලද නමුත් අයි.පී.එල්. තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.