Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 17න් පහළ III කොටසේ ශූරතාව වයඹ රාජකීයන්ට

17න් පහළ III කොටසේ ශූරතාව වයඹ රාජකීයන්ට

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ ශූරතාව දිනාගැනීමට කුරුණෑගල වයඹ රාජකීය විදුහල සමත් විය. කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් වයඹ රාජකීයයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය වයඹ රාජකීය විදුහල ඕවර 33.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී හර්ෂ දේවසිංහ නොදැවී ලකුණු 23 ක්ද, චමිඳු යසංග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් වයඹ රාජකීය විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තීක්ෂණ අමරසිංහ, හර්ෂ දේවසිංහ සහ සුභාෂ් දේවින්ද කඩුලු 2 බැගින් දවාගනිමින් මාරිස්ටෙලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.


මාරිස්ටෙලා විදුහල - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 125
(දිනුක නිමෙෂ් 27, ශකිල දුල්ෂාන් 23, තීක්ෂණ අමරසිංහ 20/2, හර්ෂ දේවසිංහ 22/2, සුභාෂ් දේවින්ද 30/2)

වයඹ රාජකීය විදුහල - ඕවර 33.1 කදී කඩුලු 3 ක් දැවී 127
(පන්සිළු රත්නායක 38, හර්ෂ දේවසිංහ නොදැවී 23, චමිඳු යසංග නොදැවී 20)


-036

 


අදහස් (0)

17න් පහළ III කොටසේ ශූරතාව වයඹ රාජකීයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.