Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 17 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 17 දා සිට

17 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 17 දා සිට

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල සංවිධානය කරන වයස 17 න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් 70 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 950 ක් පමණ සහාගිවන මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

ශූරතාවලියේ සමාරම්භක උත්සවය මේ මස 17 වැනිදා පෙරවරු 8.30 ට පැවැත්වෙන අතර පෙරවරු 9.00 සිට තරග ආරම්භ කෙරේ. 21 වැනිදා පස්වරු 2.00 ට තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වේ.


-036

 


අදහස් (0)

17 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග 17 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.