Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 15 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග හෙට සිට

15 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග හෙට සිට

editorial - 2019 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා පාසල් බැඞ්මින්ටන් තරගාවලිය හෙට (11 වැනිදා) සිට මේ මස 14 වැනිදා දක්වා ගාල්ල රිච්මන්ඞ් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ ගාල්ල නගරයේ තවත් ස්ථාන 3 කදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා පාසල් 110 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 කට ආසන්න පිරිසක් සහභාගි වන අතර එහිදී ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ ලෙස කාණ්ඩ 5 ක් යටතේ තරග වැදීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 8.30 ට රිච්මන්ඞ් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 14 වැනිදා පස්වරු 2.30 සිට එම ස්ථානයේදීම පැවැත්වේ.

 

- 036


අදහස් (0)

15 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.