Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 14 න් පහළ - 16 න් පහළ රග්බි තරගාවලි අවලංගුයි

14 න් පහළ - 16 න් පහළ රග්බි තරගාවලි අවලංගුයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 16 න් පහළ සහ වයස 14 න් පහළ ලීග් රග්බි තරගාවලි දෙකම අවලංගු කිරීමට තීරණය කර තිබේ. පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ එම තරගාවලිය දෙක මේ වසරේ සිට හඳුවාදීමට සූදානම් වූ තරගාවලි බවත් උද්ගත වූ තත්ත්වය අනුව එය අතහැර දැමීමට සිදුවූ බවත්ය.

මෙම තරගාවලි දෙක වයස 19 න් පහළ ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් 19 න් පහළ ලීග් තරගාවලියත් අත්හිටුවීමට සිදුවිය.

“එම තරගාවලි දෙක අත්හිටුවීමෙන් සෑහෙන මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා  ඉදිරියේ මූල්‍ය අර්බුදයක් ඇතිවුවහොත් මෙම තරගාවලි දෙක අවලංගු කිරීම වාසියක් වියහැකියි” යැයි මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

14 න් පහළ - 16 න් පහළ රග්බි තරගාවලි අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.