Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරග 8 දා සිට

13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරග 8 දා සිට

editorial - 2019 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විදුහල සංවිධානය කරන වයස 13 න් පහළ යුගල බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර නගරසභා ක්‍රීඩාංගණයේදී සහ හාලොල්ලව බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් 144 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600 ක් පමණ සහාගිවන මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

ශූරතාවලියේ සමාරම්භක උත්සවය මේ මස 8 වැනිදා පෙරවරු 8.30 ට මහනුවර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පෙරවරු 9.00 සිට තරග ආරම්භ කෙරේ. ‘ඊ’ කාණ්ඩයේ බාලක තරග පමණක් හාලොල්ලව බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


-036


අදහස් (0)

13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරග 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.