Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 128 ක් කොළඹට ගෙන්වන්න අවසර ඉල්ලයි

128 ක් කොළඹට ගෙන්වන්න අවසර ඉල්ලයි

editorial - 2021 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මස (ජුනි) 01 වැනිදා පස්වරු 1.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම සඳහා නිලවරණ කමිටුව සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් අනුමැතිය ඉල්ලා තිබේ. එදින නිලවරණය පවත්වන්නේ නම් ප්‍රාදේශීය පාපන්දු ලීග 64 ක නියෝජිතයින් 128 දෙනෙකු ඡන්ද විමසුම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවිය යුතුව තිබේ.

මෙම නිලවරණය මැයි 30 වැනිදා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කළින් යොදාගෙන තිබුණි. රටතුළ පවතින තත්ත්වය යටතේ නිලවරණය කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය උනන්දු වී සිටියත් ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ දීර්ඝ කල්දැමීමකින් තොරව නිලවරණය යොදාගත් දිනවලදීම පවත්වා අවසන් කිරීමට උනන්දු වන ලෙසයි.

ඒ පිළිබඳව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ලංකාදීපයට පැවසුයේ ජුනි 01 වැනිදා නිලවරණය පැවැත්වීමට සෞඛ්‍ය ප්‍රධානීන් අනුමැතිය දෙන්නේ නම් එය විධායක සභාවේ තනතුරු පිරවීමට පමණක් සීමා කරමින් නිලවරණය පවත්වා අවසන් කරන බවයි. ඒ අනුව මහ සභා රැස්වීම හා පසුගිය නිලකාලයේ ගිණුම් වාර්තාව අනුමත කර ගැනීම වෙනත් දිනයකට යොදාගනු ඇති බවත් ඒ මහතා පැවසීය.  

මෙවර පාපන්දු සම්මේලන නිලවරණයේ විශේෂත්වය වන්නේ විධායක සභාවේ නිලකාලය එක් වසරකට පමණක් සීමා වීමය. ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව විධායක සභාවේ නිලකාලය එක් වසරකට පමණක් සීමා කළ යුතු බවයි.

ඒ පිළිබඳව වත්මන් සභාපති අනුරද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුගතව පවත්වා ගෙන යාම අනිවාර්ය වන බවත්, ඒ අනුව මෙරට පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවන් විධායක සභාව සිව් වසරක නිල කාලයකට පවත්වාගෙන යාමට සකස් කරගත යුතු බවත්ය.

පාපන්දු සම්මේලනයේ ජුනි 01 වැනිදා දක්වා නිල කාලය අවසන් කරන වත්මන් විධායක සභාව සිව් වසරක් කල් ගෙවීය.

ජුනි 01 වැනිදා පැවැත්වෙන පාපන්දු සම්මේලන නිලවරණයේදී සභාපති ධුරය සඳහා ප්‍රධාන පාර්ශව 02 කින් වෛද්‍ය මනිල් ප්‍රනාන්දු සහ වත්මන් ලේකම් ජස්වර් උමාර් යන මහත්වරු සභාපති ධුරයට තරගවදිති. සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන රංජිත් රුද්‍රිගු මහතා ජස්වර් උමාර් මහතාට සහයෝගය දක්වමින් සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබෙන තවත් අපේක්ෂකයෙකි.

 


අදහස් (0)

128 ක් කොළඹට ගෙන්වන්න අවසර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.