Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ගුණ ජය සතුට පදනමට’ ටෝකියෝ සිමෙන්ති අත දෙයි

‘ගුණ ජය සතුට පදනමට’ ටෝකියෝ සිමෙන්ති අත දෙයි

editorial - 2020 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥාානම් මහතා විසින් ‘ගුණ ජය සතුට පදනමේ’ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා අනුග්‍රහය නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.


ආර්ථික දුෂ්කරතා සහ අඩු පහසුකම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා දක්‍ෂතා දියුණුකරගැනීමට පහසුකම් සළසන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වෙච්ඡා සංවිධානයක් වන සීනිගම ‘ගුණ ජය සතුට පදනමේ’ මෙම වසරේ ක්‍රිකට් පුහුණු වැඩසටහනට ඇනුග්‍රහය දැක්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම නැවතත් ඉදිරිපත්ව සිටියි.

ටෝකියෝ සිමෙන්ති සමාගම වසර පහක කාලය සිට ‘ගුණ ජය සතුට පදනමට’ අනුග්‍රහය ලබාදෙයි.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන් ‘ගුණ ජය සතුට පදනමේ’ සීනිගම මූලස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව හික්කඩුව ශ්‍රී සුමංගල සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි විදුහල්වල ක්‍රීඩාංගණ සංවර්ධනය කළේය.

‘ගුණ ජය සතුට පදනම’ ආරම්භයේ සිට මේ දක්වා හික්කඩුව සහ සීනිගම අවට අඩු පහසුකම් සහිත පාසල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට වැඩි සංඛ්‍යාවක් පුහුණුව ලබා තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ නවෝද් පරණවිතාන සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරන රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි, ‘ගුණ ජය සතුට පදනමේ’ ක්‍රිකට් පුහුණු පාසලේ පුහුණුව ලැබූවෝ වෙති.

‘ගුණ ජය සතුට පදනමේ’ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා මෙම සමාජ සේවා කාර්යයේ නිරතව සිටියි.

 


අදහස් (0)

‘ගුණ ජය සතුට පදනමට’ ටෝකියෝ සිමෙන්ති අත දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.