Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හෝනට්ස් වෙරළ පාපන්දු ශූරතාව දිනයි

හෝනට්ස් වෙරළ පාපන්දු ශූරතාව දිනයි

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් වෙරළ පාපන්දු අදියර 1 තරගාවලිය ජයගත් හම්බන්තොට හෝනට්ස් පිල

හම්බන්තොට හෝනට්ස් ක්‍රීඩකයෝ පළමු ඩයලොග් ශූරතා වෙරළ පාපන්දු ශූරතා කුසලානය දිනාගත්හ. හම්බන්තොට වෙරළ තීරයේ දී පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ දී හම්බන්තොට හෝනට්ස් කණ්ඩායම විසින් ගෝල 3 – 2 කට මාතර මැරින්ස් කණ්ඩායම පරාජය කරමින් මෙම වෙරළ පාපන්දු කුසලාන දිනා ගැනීමට සමත් විය.

කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වුණි.

පළමු අවසන් පූර්ව වටයේ දී මාතර මෙරින්ස් කණ්ඩායම විසින් කළුතර නයිට්ස් කණ්ඩායම ගෝල 2 – 1 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී හම්බන්තොට හෝනට්ස් කණ්ඩායම විසින් කළුතර රෝයල් කණ්ඩායම ගෝල 4 -1 කට  පරාජය කරන ලදී.

මෙම තරගාවලියට සමගාමීව පැවති ප්‍රදර්ශන වෙරළ පාපන්දු කාන්තා තරගයෙන් ගෝල 1 – 0 ක ජයක් ලැබීමට වොන්ඩර්ස් වුමන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ චාර්ලිස් ඒන්ජල්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන අදියර හතරකින් සමන්විත වෙරළ පාපන්දු තරගමාලාවේ පළමු අදියර තරගාවලිය ලෙස එය පැවැත්වුණි.

ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (නාලිකා මෙහෙයුම් හා පාලක) මනහර විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ජයසංකේත ප්‍රදානෝත්සවය සිදුකෙරුණි.

- 223


අදහස් (0)

හෝනට්ස් වෙරළ පාපන්දු ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.