Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හතුරුගේ වාර්තාව එන තෙක් බලා ඉඳී

හතුරුගේ වාර්තාව එන තෙක් බලා ඉඳී

යොහාන් භාසුර - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවූ චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට ඒ මහතා පිළිබඳව කළ පරීක්‍ෂණයේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ සතියක පමණ කාලයකින් හතුරුසිංහ මහතා සම්බන්ධ තීරණය ප්‍රකාශ කරන බවයි.  

සේවය අත්හිටුවා සිටින හතුරුසිංහ මහතා මේ වන විට ඕස්ට්‍රේලියාවට ගොස් සිටින බවත් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන්දි ලබාගැනීම සඳහා නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් පැවැත්වූ අතර ඒ මහතා පරීක්‍ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඒ මහතා නොමැතිව පරීක්‍ෂණය පැවැත්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් පැවැත්වෙන පාකිස්තානු සංචාරයට පෙර ශ්‍රී ලංකා පිලේ ‘උපදේශක ප්‍රධාන පුහුණුකරු’ ලෙස මිකී ආතර් මහතා පත්කළ අතර ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පාකිස්තානු සංචාරයට සහභාගි විය.

එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව හතුරුසිංහ මහතා සේවය අත්හිටුවීය. ඔහු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම අවසන් වීමට මාස 15 කට පමණ පෙර ඔහුගේ වැටුප අත්හිටුවා තිබේ.

හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒකපාර්ශවීයව ගිවිසුම අත්හිටුවන්නේ නම් රුපියල් කෝටි 10 ක පමණ වන්දියක් ගෙවිය යුතුය.

 


අදහස් (0)

හතුරුගේ වාර්තාව එන තෙක් බලා ඉඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.