Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙනෙවිරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

සෙනෙවිරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු ප්‍රධාන නිලධාරියකු වූ අසංග සෙනෙවිරත්න මහතා ආසියානු රග්බි සංගමය නියෝජනය කිරීමට සිය නම යෝජනා කරන ලෙස රග්බි පරිපාලනයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. මෙම යෝජනාවට රග්බි විධායක කමිටුවේ බහුතරයක විරෝධය ද පළවී තිබේ.

“ජාතික ක්‍රීඩා සංගමයක් නියෝජනය කරමින් රට නියෝජනය කළ හැක්කේ එම ක්‍රීඩා සමාජයේ වර්තමාන නිලධාරීන්ට පමණයි. විධායක කමිටුවට අයිති නොවන කමිටුවක් නියෝජනය කළාට එවැනි අයිතියක් හිමිවෙන්නේ නෑ” යැයි රග්බි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.  

ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත් ගුණරත්න මහතාගේ නම පමණක් ආසියානු රග්බි සංගමය නියෝජනය කිරීම සඳහා යොමු කළ බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනයේ තනතුරු කීපයක්ම දරණ අසංග සෙනෙවිරත්න මහතා සිය නම ආසියානු රග්බි සංගමය නියෝජනය කිරීමට නිර්දේශ කරන ලෙස ලිඛිතව ඉල්ලා තිබිණ. ආසියානු රග්බි සංගමයේ විධායක කමිටු තනතුරක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

සෙනෙවිරත්න මහතා මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන හෙයින් රග්බි ක්‍රීඩාවට ලැබෙන අරමුදල් නතරවීමේ අවදානමක් තිබීම හේතුවෙන් අදාල යෝජනාව විධායක කමිටුවට ඉදිරිපත් කළ බවද තවත් රග්බි විධායක කමිටු සාමාජිකයකු පැවසීය.

“වර්තමාන රග්බි පරිපාලනයට සම්බන්ධ නොමැති පුද්ගලයකු ශ්‍රී ලංකා රග්බි ආයතනය නියෝජනය කරමින් ආසියානු සංගමය නියෝජනය කිරීම සාදාචාරාත්මක නෑ. ඒ නිසයි අපි විරුද්ධ වුණේ. ඔහුට විධායක කමිටුවේ අනුමැතිය ලැබුණේ නෑ” යැයි අදාල විධායක කමිටු සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

සෙනෙවිරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.