Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති මූලික වටයේ තරග ඊයේ (16) අවසන් වූ අතර එහිදී සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ‘ඒ’ කණ්ඩයෙන් සී.සී.සී, කෝල්ට්ස්, යුදහමුදා සහ බි.ආර්.සී කණ්ඩායම්ද, ‘බී’ කාණ්ඩයෙන් එන්.සී.සී, හලාවත මේරියන්ස්, සැරසන්ස් සහ රාගම යන කණ්ඩායම් සමත්විය.

ඒ අනුව පළඟ ශූරතාවලිය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් එස්.එස්.සී, මූවර්ස් සහ මිගමුව කණ්ඩායම්ද, ‘බී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය, බදුරලිය සහ ලන්කන් යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

එන්.සී.සී සහ බදුරලිය යන කණ්ඩායම් අතර මූලික වටයේදී පැවැති තරගයේදී තණතීරුව සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්ණයක් හේතුවෙන් තරගය අතරමග නැවැත්වීමට සිදුවූ අතර එම තරගය සම්බන්ධව අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැත. නමුත් එම තරගයේ ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙකෙන් කාට හිමිවුවද දෙවැනි වටයට යාමේදී කිසිදු බලපෑමක් සිදුනොවේ. 

 


අදහස් (0)

සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.