Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී පිල සුපිරි 8 වටයේ පෙරමුණට

සී.සී.සී පිල සුපිරි 8 වටයේ පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 වටයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 73.57 ක් ලබාගත් සී.සී.සී පිල සමත්විය.

මූලික වටය අවසන් වනවිට ප්‍රසාද ලකුණු 97.50 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ සී.සී.සී පිල කෝල්ට්ස්, යුදහමුදාව සහ බී.ආර්.සී යන කණ්ඩායම් සමගින් සුපිරි 8 වටයට පැමිණියේය. මූලික වටයේදී කෝල්ට්ස්, යුදහමුදාව සහ බී.ආර්.සී යන කණ්ඩායම් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හිමිකරගත් සී.සී.සී පිල සුපිරි 8 වටයට පැමිණෙන විට ප්‍රසාද ලකුණු 54.57 ක් රැගෙන පැමිණියේය.

සුපිරි 8 වටයේ තරග 4 ක් ඊයේ (12 වැනිදා) අවසන් වූ අතර රාගම පිලට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් හිමිකරගත් සී.සී.සී පිලට තවත් ප්‍රසාද ලකුණු 19 ක් එක්විය. ඒ සමගින් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 73.57 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ අවසන් වූ අනෙක් සුපිරි වටයේ තරග 3 දී යුදහමුදා පිලට එරෙහිව එන්.සී.සී. පිලත්, සැරසන්ස් පිලට එරෙහිව කෝල්ට්ස් පිලත්, බී.ආර්.සී පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලත් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු 55.685 ක් ලබාගත් එන්.සී.සී පිල දෙවනි ස්ථානයටත්, ප්‍රසාද ලකුණු 46.315 ක් ලබාගත් කෝල්ට්ස් පිල තෙවැනි ස්ථානයටත්, ප්‍රසාද ලකුණු 39.085 ක් ලබාගත් හලාවත මේරියන්ස් පිල සිවුවැනි ස්ථානයටත් පත්විය.

පළඟ ශූරතාවලියේ තරග 3 ක් ඊයේ අවසන්වූ අතර එහිදී වාර්තාවූ එකම ජයග්‍රහණය මීගමුව කණ්ඩායමෙන් වාර්තා විය. ලන්කන් පිලට එරෙහිව ලබාගත් එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 19.93 ක් හිමිකරගත් මීගමුව පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

එස්.එස්.සී පිලට එරෙහිව ද්‍රවිඩ සංගම් පිලත්, බදුරලිය පිලට එරෙහිව මූවර්ස් පිලත් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට ඊයේ සමත්විය.


අදහස් (0)

සී.සී.සී පිල සුපිරි 8 වටයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.