Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සන්තුල්ගෙන් පන්දු 4 කදී කඩුලු 4 ක්

සන්තුල්ගෙන් පන්දු 4 කදී කඩුලු 4 ක්

editorial - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සනත් ජයසූරිය ක්‍රිකට් විද්‍යායතනය 9 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගැනීමට අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ සන්තුල් විජයරත්න සමත් විය. මෙම කඩුලු 4 දවාගැනීමට පෙර යැවූ ඕවරයේදීත් කඩුල්ලක් දවාගත් සන්තුල් විජයරත්න පන්දු 8 කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 5 කි.

කොළඹ සී.සී.සී. ක්‍රිකට් විද්‍යායතනයට එරෙහිව ශතකයක් ලබාගනිමින් සනත් ජයසූරිය ක්‍රිකට් විද්‍යායතනය වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයා බවටද පත් වූ සන්තුල්, තරගාවලියේ අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය.
 
වයස් කාණ්ඩ 4 ක් යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරග කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී අවුරුදු 8 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව ඩාක් හෝස් කණ්ඩායමත්, 10 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව රයිඩර්ස් කණ්ඩායමත්, 13 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව ඊගල්ස් කණ්ඩායමත්, 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව බ්ලැක් කැට්ස් කණ්ඩායමත් විසින් දිනාගනු ලැබූහ.

සන්තුල් අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙද්දී, සදෙව් කුළතිලක, රණුක් ජයසූරිය සහ තරුක්ෂ අශේල් යන ක්‍රීඩකායෝ සෙසු වයස් කාණ්ඩවල දස්ෂතම ක්‍රීඩකයෝ බවට පත් වූහ. සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් තරගාවලියේ අවසන් දිනයේදී ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.

- 036


අදහස් (0)

සන්තුල්ගෙන් පන්දු 4 කදී කඩුලු 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.