Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනි - ජෝසප් වාස් සම ශූරතා දිනයි

ශා. අන්තෝනි - ජෝසප් වාස් සම ශූරතා දිනයි

editorial - 2019 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ සම ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙවර තරගාවලියේ ශූරතාව කණ්ඩායම් දෙක අතරේ සමව බෙදා දීමට සංවිධාකයෝ පියවර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි විදුහල ඕවර 45 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවා ශාන්ත ජෝසප් වාස් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝසප් වාස් විදුහල ඕවර 28 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී 5 දැවී 166
(ළහිරු අබේසිංහ 63, මොහොමඞ් අඛීල් 40, සෙත් රන්සිත් 33/3, මෙනූෂ පෙරේරා 19/2)

ශාන්ත ජෝසප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී 3 දැවී 35  
(අවිෂ්ක පෙරේරා 16, ඉඳුවර ගලපිටගේ 10/2)

-036

 


අදහස් (0)

ශා. අන්තෝනි - ජෝසප් වාස් සම ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.