Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ජෝසප් - රාජකීය විදුහල් සමශූරතාව දිනති

ශා.ජෝසප් - රාජකීය විදුහල් සමශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ සමශූරතාව හිමිකර ගැනීමට වත්තල ශාන්ත ජෝසප් විදුහල සහ පොලොන්නරුව රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත්විය.

පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත්  රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා වත්තල ශාන්ත ජෝසප් විදුහලට ආරාධනා කළේය.

ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 269 ක් රැස්කිරීමට ශාන්ත ජෝසප් පිතිකරුවෝ සමත්වූහ.
මාලිංග සිල්වා (89) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කීත් ගුණසේකර ලකුණු 41 ක් ලබාගැනීමට සමත්විය. රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ පසිඳු චමෝද් ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය පොලොන්නරුව රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට පන්දුවට පහරදීමට හැකිවූයේ ඕවර 3.4 ක් පමණි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 4 ක් පමණි.


ශා.ජෝසප් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 269
(මාලිංග සිල්වා 89, කීත් ගුණසේකර 41, සෙනෙත් සිල්වා 29, පසිඳු චමෝද් 53/4)

රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 3.4 කදී කිසිවකු නොදැවී 04

 


අදහස් (0)

ශා.ජෝසප් - රාජකීය විදුහල් සමශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.