Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජොශප් වාස් විදුහල අතර මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ වෝෂිත අමරසිංහ (නොදැවී 109) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර ශාන්ත ජොශප් වාස් විදුහලේ නිපුන ධනංජය ලකුණු 80 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 80.2 කදී සියලු දෙනා දැවී 228
(වෝෂිත අමරසිංහ නොදැවී 109, අෂේන් ශවින්ද 21, සචින්ත රණසිංහ 20, නිපුන ධනංජය 80/5, චමත් ප්‍රනාන්දු 28/3, මෙනූෂ පෙරේරා 48/2)

ශාන්ත ජොශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 147
(මෙනූෂ පෙරේරා 32, නිපුන් ධනංජය 21, ඔනෙල් ඉලංගසේකර 20, සචිර රෂ්මික 35/3, සෙනුර පෙරේරා 18/2, හිරුෂ ජීවදිත් 24/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී කඩුලු 4 ක් දැවී 104
(හිරන්ත ලක්ෂාන් 63, සචින්ත රණසිංහ 30, ෂොන් ශෙනිල් 17/2, මෙනූශ පෙරේරා 29/2)

ශාන්ත ජොශප් වාස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 109
(නිපුන ධනංජය 44, අචින්ත ප්‍රනාන්දු 28, සිනෙත් සිතාර 09/2, අචිර රෂ්මික 50/2)


-036

 


අදහස් (0)

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.