Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 171 කින් ජයගනී

ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 171 කින් ජයගනී

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ අම්බලංගොඩ ධර්මාශෝක විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 171 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ අංජල බණ්ඩාර (73) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම අමිත් ඊබට් ලකුණු 61 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 185
(අංජල බණ්ඩාර 73, අසිත වන්නිනායක 43, තරිඳු හේවගේ 22, ලොහාන් ද සොයිසා 62/7, කවිඳු නදීෂාන් 54/2)

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 120
(සනුල සමීන් 30, හසිත රාජපක්ෂ 23, ලොහාන් අරෝෂන 21, අමිත් ඊබට් 27/5, නිම්නක ජයතිලක 16/3)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී 164
(අසිත වන්නිනායක 29, ලසිත වැරල්ලේගම 25, අංජල බණ්ඩාර 25, ළහිරු අබේසිංහ 20, කවිඳු නදීෂාන් 69/5, ලොහාන් ද සොයිසා 53/3)

ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 17.4 කදී සියලු දෙනා දැවී 58
(කවිඳු නදීෂාන් 25, නිම්නක ජයතිලක 22/5, අමිත් ඊබට් 34/4)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 171 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.