Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඩිමෝ පරදවයි

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඩිමෝ පරදවයි

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ඩිමෝ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ඩිමෝ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසකින් යුක්ත වුවද කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔවුන්ට ඕවර 33.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි.

තවමත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන අවිෂ්ක ලක්ෂාන් ලකුණු 22 කට කඩුලු 4 ක් ද දිලුම් සුධීර, මතීෂ පතිරණ සහ චමිඳු වික්‍රමසිංහ කඩුලු 2 බැගින් දවාගනිමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරම පෙන්වූහ.

ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 27 ක් ලබාගත් තීක්ෂිල ද සිල්වා වැඩිම ලකුණු ලාභියා බවට පත්වන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි. සම්මු අෂාන් ලකුණු 11 ක් ලබාසිටියදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 29.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 107 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් පැවැත්වූ තවීෂ අභිෂේක් සහ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූහ.

පන්දු 68 කදී හයේ පහර සහ හතරේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 43 ක් රැස්කළ සොනාල් දිනූෂ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර තවීෂ අභිෂේක් පන්දු 62 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් ලබාගැනීමට සමත්විය.

ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් රැසකගෙන් ඩිමෝ කණ්ඩායම සන්නද්ධ වුවද යොවුන් පිතිකරුවන් මෙල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ. නිසල තාරක ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ඊයේ තවත් තරග 2 ක් පී.සරවනමුත්තු සහ බී.ආර්.සී ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදී ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්වූ අතර හේලීස් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත්විය.

ජෝන් කීල්ස් සහ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමේ නායක ලක්ෂාන් රොද්‍රිගූ පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට කඩුලු 6 ක ජයක්

ඩිමෝ - ඕවර 33.5 කදී සියලුදෙනා දැවී 134
(තීක්ෂිල ද සිල්වා 27, අවිෂ්ක ලක්ෂාන් 22/4, දිලුම් සුධීර 20/2, මතීෂ පතිරණ 31/2, චමිඳු වික්‍රමසිංහ 38/2)

19 න් පහළ පිල - ඕවර 29.5 කදී කඩුලු 4 ක් දැවී 137
(සොනාල් දිනූෂ 43, තවීෂ අභිෂේක් 36, චිහාන් කළිඳු 20, නිසල තාරක 30/3)

එල්.බී.ෆිනෑන්ස් පිලට කඩුලු 10 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී 89
(මිනෝද් භානුක 26, දිමුත් කරුණාරත්න 20, චරිත් අසලංක 20/3, ධනංජය ද සිල්වා 21/2, කවික ඩිල්ෂාන් 22/2

එල්.බී.ෆිනෑන්ස් - ඕවර 10.4 කදී කිසිවකු නොදැවී 93
(ලක්ෂාන් රොද්‍රිගූ නොදැවී 52, සධීර සමරවික්‍රම නොදැවී 35)

සම්පත් බැංකුවට ලකුණු 14 ක ජයක්
හේලීස් - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී 137
(ළහිරු තිරිමාන්න 42, බිනුර ප්‍රනාන්දු 20, මාලින්ද පුෂ්පකුමාර 24/3, තරිඳු කෞෂාල් 16/2, විශ්ව ප්‍රනාන්දු 21/2)

සම්පත් බැංකුව - ඕවර 34 කදී කඩුලු 6 ක් දැවී 122
(නිසල් ෆ්‍රැන්සිස්කෝ නොදැවී 21, බිනුර ප්‍රනාන්දු 21/2)

 


අදහස් (0)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඩිමෝ පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.