Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කරයි

ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කරයි

editorial - 2019 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය භාර නිලධාරියකු මාධ්‍ය හමුව පැවැත්වෙන ශාලාවට පැමිණ පැවසුවේ ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවයි.

ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් ඇතු`ඵ මාධ්‍යවේදීන් 50 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිලේ නායක හෝ වෙනත් සාමාජිකයකු මාධ්‍ය හමුවට පැමිණෙන තෙක් විනාඩි 30 ක් පමණ කල්ගෙවා තිබුණි.
 
අන්තර්ජාතික ක්‍රිකට් තරගයකින් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයකු හෝ නිලධාරියකු මාධ්‍ය හමුවට සහභාගි වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන තරගාවලියක මාධ්‍ය හමුවට සහභාගි වීමට සෑම රටක්ම ගිවිසුම්ගතව බැදී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක මාධ්‍ය හමුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු තණතීරු සහ සෙසු පහසුකම් පිළිබඳව සෑහීමට පත්නොවන බව පවසමින් ශ්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මේ වන විට පැමිණිල්ලක් ද කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.